හින්දු පුවත්පතේ වාර්තාව සාවද්‍ය බවට ප්‍රකාශයක් (Video)
Tuesday, 17 May 2022 - 8:25 | Views - 1,289
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් හෙට දින මෙරටට ප්‍රහාරයක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත්පත විසින් සිදු කළ අනාවරණය සාවද්‍ය පුවතක් බව පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පවසනවා.
ඔවුන් පිහිටුවාගත් සංවිධානයේ නායක කන්දසාමි ඉන්බරාසා ත්‍රිකුණාමලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
කෙසේ නමුත් මෙවැනි තර්ජනයක් පැමිණිය ද ඊට හොදින් මුහුණ දීමට මෙරට ආරක්ෂක අංශ සංවිධානය වී සිටින බැවින් ඒ පිළිබඳව කළබල නොවිය යුතු බව හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article