හිරු ශාක්‍යසිංහ මංගල්‍යය අදත් කතරගම පුදබිමේ
Monday, 16 May 2022 - 14:50 | Views - 299
අසිරිමත් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව ඓතිහාසික කිරිවෙහෙර ඇතුළු සමස්ත කතරගම පුදබිමම ශඩ්වර්ණයෙන් ඒකාලෝක කිරීම අද දිනයේත් සිදුකෙරෙනවා.
හිරු ශාක්‍යසිංහ මංගල්‍යය, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන් දෙමින් ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ දී ඊයේ ක්‍රියාත්මක කෙරුණා.
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල, සකල ලෝකවාසීන් බෞද්ධයින් සැදැහැ සිතින් සමරන උතුම් වෙසෙක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් සංවිධානය කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය කතරගම පුදබිම කේන්ද්‍ර කර ගනිමින් ඊයේ ආරම්භ කෙරුණා.
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සහභාගි වීමට ඊයේ හිමිදිරියේ පටන් අතිවිශාල සැදැහැවතුන් පිරිසක් ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට රැස්ව සිටියා.
සැදැහැවතුන් අෂ්ඨාංග ශිලයෙහි පිහිටුවීමෙන් ඇරඹී ශාක්‍යසිංහ මංගල්‍යයට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආමික සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් එක්ව තිබුණා.
Share This Article