දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි
Monday, 16 May 2022 - 9:13 | Views - 1,682
හෙට (17) සිට සාමාන්‍ය කාලසටහන අනුව සියලු දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ අද (16) දිනයේත් ඊයේ (15) දිනයේ මෙන්ම දුම්රිය ගමන් වාර 125 ක් ක්‍රියාත්මක කරන බවයි.
ඊට අමතරව දුර ගමන් සේවා දුම්රිය අතරින් මඩකලපුව බලා ගමන් කරන දුම්රිය අද පෙරවරු 6.05 ට ධාවනය කළ අතර, රාත්‍රි හතට මඩකලපුව බලා යන දුම්රිය ගමන් වාරය ද ක්‍රියාත්මකයි.
Share This Article