ගෑස් නෞකා දෙකක් මෙම සතියේ
Monday, 16 May 2022 - 8:38 | Views - 11,015
මෙම සතිය තුළදී මෙරටට ගෑස් රැගත් නෞකා දෙකක් ළඟා වීමට නියමිතව තිබෙනවා.

ඉන් එක් නෞකාවක් අද දින දිවයිනට පැමිණීමට නියමිත අතර එහි ගෑස් මෙටි්‍රක් ටොන් 3700ක් අඩංගු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

එමෙන්ම තවත් නෞකාවක් 19 වනදා මෙරටට ළඟා වීමට නියමිතයි. ලිට්‍රෝ ආයතනය පසුගිය සතියේ දැනුම දුන්නේ ගෘහස්ථ ගෑස් තොග නෙැමති බැවින් ජනතාවට පෝලිම් වල රැදී සිටීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවුඩයක් සටහනක් තබමින් කියා සිටියේ ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදුකර ඇති අතර, එය කඩිනමින් ගොඩබා බෙදාහැරීමට කටයුතු කරන බවයි.

මේ අතර අද සිට යළිත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ මෙරටට ළඟා වූ ඩීසල් නෞකාවේ අඩංගු ඩීසල් ද අද සිට බෙදා හැරීම ආරම්භ කරන බවයි එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top