කතරගම පුදබිම ඒකාලෝක කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය (Video)
Monday, 16 May 2022 - 8:04 | Views - 425
බුදුරාජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල, ලෝක වාසී බෞද්ධයින් සැදැහැ සිතින් සමරන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දෙවැනි දිනය අදයි.

ඒ වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ඊයේ දවස පුරා පැවැත්වුණේ බුදු පහස ලද ඓතිහාසික කතරගම පුදබිම කේන්ද්‍ර කරගනිමින්.

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී ඊයේ දවස පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වැඩසටහන් රැසක් පැවැත්වුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උතුම්වු සංකල්පයක් මත හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සහභාගී වීම සඳහා ඊයේ හිමිදිරියේ පටන් අති විශාල සැදැහැවතුන් පිරිසක් ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට රැස්ව සිටියා.

ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ආරම්භයේදී රැස්ව සිටි සැදැහැවතුන් අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවන ලද්දේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර ඇතුළු පංච මහා විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින්. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top