පෑලියගොඩ මැනිං වෙළඳපොල හෙට පෙරවරු 10 දක්වා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
වෙසක් පොහොය නිමිත්තෙන් හෙට සහ අනිද්දා දෙදින එම වෙළඳපොල වසා තැබීමට මීට පෙර තීරණය කර තිබූ බවයි මැනිං වෙළඳ සංගමයේ ශ්රී සම්බුද්ධත්ව වෛශාක්යදාන සමිතියේ සභාපති නිමල් අත්තනායක සඳහන් කළේ.
කෙසේ වෙතත්, පැමිණි එළවළු තොග අපතේ යාම වැළැක්වීම සඳහා වෙළඳපොල හෙට පෙරවරු 10 දක්වා විවෘතව තැබීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.