සජිත්, අගමැති රනිල්ට පිළිතුරු යවයි
Saturday, 14 May 2022 - 16:33 | Views - 288

පක්ෂ භේද අමත කර ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙන් එක්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් යොමු කළ ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් කරමිනුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙම ලිපිය යොමුකර තිබුණේ.ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා ඇති ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙන්, මේ මොහොතේ සියලුම දෙනා එකාවන් ව එකතු විය යුතු බවත්, ඒ සඳහා පක්ෂ භේද අමතක කර, සමගි ජන බලවේගයේ කණ්ඩායමට එක් වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා එම ලිපියෙන් විපක්ෂ නායකවරයා වෙත ආරාධනාවක් සිදු කර තිබෙනවා.මෙම කරුණු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් තමා ධනාත්මක පිලිතුරක් අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා සිය ලිපිය මගින් දන්වා තිබෙනවා.ඊට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ තම ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බවයි.එමෙන්ම ජන ජීවිතයේ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව දැනුම්දෙන බවයි එම ලිපියෙන් දක්වා ඇත්තේ.

Share This Article