චෙක් ජනරජයේ පිහිටි ලොව විශාලතම එල්ලෙන පාලම සංචාරකයින් සඳහා විවෘත කර තිබෙනවා.
වසර දෙකකට ආසන්න කාලයක් එහි ඉදිකිරීම් පැවති අතර ඊයේ එය නිල වශයෙන් විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ස්කයි බ්‍රිජ් 721 ලෙස නම් කර ඇති එම එල්ලෙන පාලම කඳු පන්ති 2ක් සම්බන්ධ වන පරිදියි ඉදිකර ඇත්තේ.
කේබල් කාර් ඔස්සේ ද ප්‍රවේශ විය හැකි මෙම එල්ලෙන පාලමේ දිග අඩි 2365ක් බව සඳහන්.
ස්කයි බ්‍රිජ් 721, කේබල් මගින්, නිම්න භුමියේ සිට මීටර් 95 ක් ඉහළින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 1,110 සිට 1,116ක් දක්වා විහිද යනවා.
පාලමට කේබල් කාර් මගින් ප්‍රවේශ විය හැකි අතර ඒ හරහා ගොස් ඇවිදීමේ මාර්ගයෙන් පිටවීමෙන් පසු, අමුත්තන්ට චෙක් ජනරජයේ ඉතිහාසය විස්තර කරන පුවරු සහිත පදික වනාන්තර මාර්ගයක් ඔස්සේ ගමන් කළ හැකියි.