නව අගමැතිට පොහොට්ටුවේ සහය
Saturday, 14 May 2022 - 15:27 | Views - 994
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීම අනුමත කර ඔහුට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ අද (14) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකාව අති දැවැන්ත ආර්ථික සාමාජීය හා දේශපාලන අර්බුදයකට මුහුණපා ඇති අවස්ථාවක සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සඳහා එක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමගි ජනබලවේගයට ආරාධනා කෙරෙනවා.

එහි නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අද ලිපියක් යොමුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දිනෙන් දින උග්‍ර වන ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට සාමුහික ප්‍රයත්නයක් ක්‍රියාත්මක විය යුතු බවයි.

ජාතික වගකීමක් සේ සලකා පක්ෂ භේද නොසලකා ඒ සඳහා අත්වැල් බැඳ ගන්නා මෙන් සමගි ජනබලවේගයට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යොමුකළ ලිපියේ සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top