මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බෑ - අගමැති (Video)
Saturday, 14 May 2022 - 15:16 | Views - 1,465
මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

බී.බී.සී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූවද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ "උග්‍රම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්නේ. මං හිතන්නේ නැහැ සුද්දන්ගේ කාලෙවත්, ඕලන්ද කාලේවත් මේවගේ ආර්ථිකය කඩා වැටීමක් වුණා කියලා."

"මේ අවුරුද්ද තමා අපිට අමාරුම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා." ඔහු පැවසීය.

අග්‍රාමාත්‍යවරයා ⁣ප්‍රකාශ කළේ "දැනට කියන විදිහට ඩොලර් බිලියන 3ක් විතර උවමනයි කියලා. දැනට මේක ලබා ගැනීම තමා අපිට තියෙන පළවෙනි අභියෝගය. ඒක කරන්න තමයි මං දැනට ක්‍රියාකරන්න බලන්නේ. අපි මේ පෝලිම් නැති කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනේ."

කෙසේ හෝ කඩා වැටුණු ආර්ථිකය ගොඩගත යුතු අතර මෙම වසර අමාරුම වසර බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ. විදේශ විනිමය නොලැබෙන අතර රජයට ද මුදල් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

විදේශ විනිමය ලබා ගැනීමේ අභියෝගයට මුහුණදිය යුතු අතර එය පළමු අභියෝගය වන අතර එය ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළා. වැඩ කරන ජනතාවට මීට වඩා හොඳ ආර්ථිකයක් උදාකර දීම කළ යුතු බව ද නව අගමැතිවරයා පෙන්වා දෙනවා.

තමා අගමැති වූ සෑම අවස්ථාවකදීම රැකියා උත්පාදනය කර ජනතාවට තුන්වෙල් කෑමට අවස්ථාව ලබාදුන් අතර මෙවර ද අගමැති ධුරයට පත්වී එම අභියෝගය ජය ගැනීමට බලාපොරොත්තුවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top