මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බෑ - අගමැති (Video)
Saturday, 14 May 2022 - 15:16 | Views - 1,466

මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
බී.බී.සී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූවද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ "උග්‍රම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්නේ. මං හිතන්නේ නැහැ සුද්දන්ගේ කාලෙවත්, ඕලන්ද කාලේවත් මේවගේ ආර්ථිකය කඩා වැටීමක් වුණා කියලා."
"මේ අවුරුද්ද තමා අපිට අමාරුම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා." ඔහු පැවසීය.
අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ "දැනට කියන විදිහට ඩොලර් බිලියන 3ක් විතර උවමනයි කියලා. දැනට මේක ලබා ගැනීම තමා අපිට තියෙන පළවෙනි අභියෝගය. ඒක කරන්න තමයි මං දැනට ක්‍රියාකරන්න බලන්නේ. අපි මේ පෝලිම් නැති කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනේ."
කෙසේ හෝ කඩා වැටුණු ආර්ථිකය ගොඩගත යුතු අතර මෙම වසර අමාරුම වසර බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ. විදේශ විනිමය නොලැබෙන අතර රජයට ද මුදල් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
විදේශ විනිමය ලබා ගැනීමේ අභියෝගයට මුහුණදිය යුතු අතර එය පළමු අභියෝගය වන අතර එය ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළා. වැඩ කරන ජනතාවට මීට වඩා හොඳ ආර්ථිකයක් උදාකර දීම කළ යුතු බව ද නව අගමැතිවරයා පෙන්වා දෙනවා.
තමා අගමැති වූ සෑම අවස්ථාවකදීම රැකියා උත්පාදනය කර ජනතාවට තුන්වෙල් කෑමට අවස්ථාව ලබාදුන් අතර මෙවර ද අගමැති ධුරයට පත්වී එම අභියෝගය ජය ගැනීමට බලාපොරොත්තුවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ.
Share This Article