වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 244කට නිදහස
Saturday, 14 May 2022 - 13:58 | Views - 1,725
වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිරිනමන විශේෂ රාජ්‍යය සමාව යටතේ සිරකරුවන් 244 දෙනෙකුට නිදහස ලබාදීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ,හෙට (15) දිනට යෙදී ඇති වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් සඳහා ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම වරප්‍රසාදය හිමිගැන්වෙන බවයි.

ඒ අනුව පහත සදහන් පරිදි දඬුවම් විඳින සිරකරුවන් සඳහා සමාව හිමිවනවා.

මෙම හිමිගැන්වීම දිවයිනේ සියලුම බන්ධනාගාර සිරකරුවන් 244 දෙනෙකුට ම හිමිවනු ඇති.

බන්ධනාගාර ගතව 2022.05.15 දිනට සිර දඬුවම් විඳින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට දින 14 බැගින් පොදු සමාව ලබා දීම, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින දිනට සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි වීම, 2022.05.15 වන දින වන විට බන්ධනාගාර ගතව සිරදඩඬුවම් විඳින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ දඬුවමින් හරි අඩක් අඩු කිරීම ‍හා අඩකට වඩා වැඩි කාලයක් දඬුවම් විඳින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීම, වසර 40කට හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කර ඇති 2022.05.15 වන දින වන විට මහාධිකරණයෙන් දඩුවම් නියම කළ දින සිට වසර 20 කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම යනා දී කරුණු යටතේ මෙම හිමිගැන්වීම සිදු කෙරෙනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top