නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන්ට කොරෝනා
Saturday, 14 May 2022 - 13:47 | Views - 319
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආර්ඩන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මේ නිසා ඉදිරි සතියේ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ඇය සහභාගි නොවන අතර, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් එම කටයුතු මෙහෙයවනු ඇති.
මේ අතර, කොරෝනා වසංගතය තම රටට දැවැන්ත ආපදාවක් වී ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා.
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඔහු අද හදිසි රැස්වීමක් ද කැඳවා තිබෙනවා.
ඊයේ (13) දිනයේ දී කොරෝනා ආසාදිතයින් 174,440 ක් හඳුනා ගත් අතර, මරණ 21 ක් ද වාර්තා වූ බවයි උතුරු කොරියානු නිල ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.
Share This Article