
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන ඉරිදා(15) දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරෙනු ඇත.
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ද සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර ද දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙි.
දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සභානායක ලෙසද ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කිරීමට නියමිතව ඇති හෙයින් ඔවුන් කළින්ම අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.
රට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අමාත්‍යධුර මුලින් පත් කර අනතුරුව සෙසු අමාත්‍යංශ පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.
නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.
කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.
උපුටා ගැනීම - ලංකාදීප
49 Views
213 Views
113 Views
100 Views
82 Views
95 Views
90 Views
65 Views
144 Views
82 Views
104 Views
170 Views
200 Views
667 Views