ජනපතිගේ ලිපියට සජිත්ගෙන් නැවතත් ලිපියක්
Saturday, 14 May 2022 - 8:45 | Views - 548
ජනාධිපතිවරයා විසින් දැනට පිහිටුවීමට අදහස් කරන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයේ කිසිදු සාමාජිකයෙකු යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නව අමාත්‍ය මණ්ඩලයට එක්වීමට කැමති නම් ඒ පිළිබඳව නොපමාව තමන්ට දැනුම් දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පෙරේදා විපක්ෂ නායකවරයා වෙත එවා තිබූ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින්.

එම ලිපිය මගින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් දැනට පිහිටුවීමට අදහස් කරන ආණ්ඩුව ජනමතයට පටහැනි බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට කැමති බව තමා විසින් මුල් වරට දැනුම් දුන්නේ පසුගිය 12 වනදා බවත් ජනාධිපතිවරයා විසින් කල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ලිපියේ දැක්වෙනවා.

තමාගේ සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් අතර ඊට පෙර සිටම සන්නිවේදනයන් කිහිපයක්ම සිදු වූ බවත් කොන්දේසි කිහිපයකට යටත්ව තමා අග්‍රාමාත්‍යධූරය භාර ගැනීමට සූදානම් බව තමන් තරයේ අවධාරණය කළ බවත් විපක්ෂ නායකවරයා යොමු කළ ලිපියේ සඳහන්.

තමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවට වන කොන්දේසියක් තමන් විසින් ඉදිරිපත් කළ බවද සජිත් ප්‍රේමදාස සිය ලිපියෙන් අවධාරණය කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතා කැමැත්තට පටහැනිව දින නියමයක් නොමැතිව ජනාධිපතිවරයා එම ධුරයේ රැඳී සිටීමට සලසන වැඩපිළිවෙලකට එළඹීම ජනතා පරමාධිපත්‍යයට පහර දීමක් බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top