ඩීසල් නෞකාවක් අද දිවයිනට
Saturday, 14 May 2022 - 8:34 | Views - 3,344
ඩීසල් රැගත් නෞකාවක් බොහෝ දුරට අද (14) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දී ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති ශාන්ත සිල්වා කියා සිටියේ අදාළ නෞකාව අද නොපැමිණියහොත් එය ලබන 17 වනදා පැමිණෙනු ඇති බවයි.

මේ වනවිට ඩීසල් නිකුත් කෙරෙන්නේ රෝහල්, ආරක්ෂක අංශ ඇතුලු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වන අතර පිරවුම්හල් වෙත බෙදා හැරීම් සිදුවන්නේ පෙට්‍රල් පමණයි.

ඉදිරි සතියක කාලය සඳහා බෙදාහැරීමට ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බව ද ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව සීමා සහිතව පෙට්‍රල් නිකුත් කිරීමේ පදනම මත ඇනවුම් කරන ලද පිරවුම්හල් සඳහා පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, ඊයේත් (13) දිවයින පුරා ඉන්ධනහල් රැසක් වසා තිබු අතර විවෘතව පැවති ඉන්ධන පිරවුම්හල්වල මෙන්ම වසා තැබුණු ඇතැම් ඉන්ධනහල්වලද ඇඳිරිනීතිය ලිහිල් කල කාලසීමාවේදී ජනතාව පෝලිම්වල රැඳී සිටියා.

මේ අතර ඛණිජ තෙල් සම්බන්ධ වගකීම එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක වෙත පවරා තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පත් කර ඇති බවටයි අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ඖෂධ හිඟය මගහරවා ගැනීම සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට පවරා ඇති අතර පොහොර සම්බන්ධයෙන් සොයා බැලීමට පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් පත් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top