ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වෙයි
Saturday, 14 May 2022 - 8:28 | Views - 317
ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර නියෝජනය කරමින්, මෙරට කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඔස්ට්‍රෙලියාවේ දී යි.

2020 වර්ෂයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස හුළුගල්ල කටයුතු කළා.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය දේශපාලන බල පෙරළියත් සමග විසුරුවා හැරීමෙන් පසුවයි හුළුගල්ලට නව තනතුරක් ලෙස කොන්සල් ධුරය හිමිවන්නේ.

මොහු මහ බ්‍රිතාන්‍යයේ හා ඔස්ට්‍රෙලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට 2020 වර්ෂයේ දී යෝජනා කෙරුණා.

ඒ අනුවයි ඔහුට ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර කොන්සල් ජනරාල් තනතුර හිමිවූයේ.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රෙලියාව අතර අධ්‍යාපනික සබඳතා වැඩි දියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කාර්මික හා වැඩිදුර අධ්‍යාපන ආයතන සමඟ සබඳතා පුළුල් කර ගැනිමෙන් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වන පුහුණු ශ්‍රමිකයින්ගෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමටත් ජාත්‍යන්තර කාර්යයභාරය ඉටු කිරීමට හුළුගල්ල කටයුතු කළා.

දෙරට අතර මිත්‍රශීලී ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් දියුණු කර දෙරටේ වෙළෙඳ, සංචාරක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ වැදගත්කම කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මෙරට පාලනයට සහ ඔස්ට්‍රෙලියානු රජයට සිය ධුර කාලය තුළ පෙන්වා දුන්නා.

කලාපයේ ආර්ථික සංවර්ධනය සඳහා ගුවන් හා මුහුදු ප්‍රවාහනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙන් ලැබෙන වාසිය මගින් සාක් කලාපය තුළ ශ්‍රී ලංකාව ඔස්ට්‍රෙලියාවේ වැදගත් වෙළෙඳ හවුල්කරුවෙකු බවට විවිධ දේශනවල දී ලක්ෂ්මන් හුළුගල්ල විසින් අවධාරණය කරමින්, මෙරට සංවර්ධනයට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා තහවුරු කිරීමට ක්‍රියා කළ අයෙක්.

ලක්ෂ්මන් හුළුගල්ලේ අභාවප්‍රාප්ත වී ඇත්තේ අද (14) උදෑසන වන අතර, මියයන විට ඔහු 66 වැනි වියෙහි පසුවුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top