සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්
Saturday, 14 May 2022 - 8:18 | Views - 2,282

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව මෙතෙක් අයදුපත් නොලැබුණු අයදුම්කරුවෙක් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ලබාගන්නා ලෙසට විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.නිල වෙබ් අඩවියේ මුල් පිටුවේ අපගේ සේවා යටතේ ඇති "අ.පො.ස. (සාපෙළ) විභාගය 2021 (2022) (විභාග ප්‍රවේශපත්‍ර බාගත කිරීම්) නැමති අයිකනය (icon) තෝරා ඒ යටතේ නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුලත් කිරීමෙන් අදාළ ප්‍රවේශපත්‍රයේ පිටපතක් බාගත කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේවන විට තැපැල් කර යවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වනදා සිට ජුනි මස පළමුවනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3844කදී පැවැත්වීමට නියමිතයි.එමෙන්ම ප්‍රවේශ පත්‍රයෙහි නාම සංශෝධන විෂය සංශෝධන සහ මාධ්‍යය සංශෝධන ඇත්නම් https://onlineexams.gov.lk/eic සබැඳිය වෙත පිවිස මාර්ගගතව එම සංශෝධන සිදුකර ගැනීමට ද පහසුකම් සලසා තිබෙනවා. ලබන 18 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම සංශෝධන සිදුකළ හැකියි.
Share This Article