සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්
Saturday, 14 May 2022 - 8:18 | Views - 2,283
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව මෙතෙක් අයදුපත් නොලැබුණු අයදුම්කරුවෙක් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ලබාගන්නා ලෙසට විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

නිල වෙබ් අඩවියේ මුල් පිටුවේ අපගේ සේවා යටතේ ඇති "අ.පො.ස. (සාපෙළ) විභාගය 2021 (2022) (විභාග ප්‍රවේශපත්‍ර බාගත කිරීම්) නැමති අයිකනය (icon) තෝරා ඒ යටතේ නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුලත් කිරීමෙන් අදාළ ප්‍රවේශපත්‍රයේ පිටපතක් බාගත කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේවන විට තැපැල් කර යවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වනදා සිට ජුනි මස පළමුවනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3844කදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ප්‍රවේශ පත්‍රයෙහි නාම සංශෝධන විෂය සංශෝධන සහ මාධ්‍යය සංශෝධන ඇත්නම් https://onlineexams.gov.lk/eic  සබැඳිය වෙත පිවිස මාර්ගගතව එම සංශෝධන සිදුකර ගැනීමට ද පහසුකම් සලසා තිබෙනවා.
 
ලබන 18 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම සංශෝධන සිදුකළ හැකියි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top