ඇඳිරිනීතිය හෝරා කිහිපයකට ලිහිල් වෙයි - යළිත් පස්වරුවේ සිට පැනවෙයි (Video)
Saturday, 14 May 2022 - 7:59 | Views - 963
රට පුරා පැනවූ ඇඳිරිනීතිය අද (14) පෙරවරු 06 ට තාවකාලිකව ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව රට තුළ් පැන නැගි හදිසි තත්ත්වය යටතේයි ජනාධිපතිවරයා විසින් ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය යළි අද පස්වරු 06ට බලාත්මක වනු ඇති.

එය ප.ව. 6.00 සිට හෙට (15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැහැ.

මේ අතර, රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් සිද්ධීන් පිළිබඳව තොරතුරු දැනුම්දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය දුරකතන අංක කිහිපයක් ලබා දී තිබෙනවා.

ගෙවල් ගිනි තැබීම්, කොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු දැනුම් දෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 076 73 93 977 හෝ 0112 44 11 46 ට හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 118 දුරකතන අංකයට ඒ පිළිබඳව තොරතුරු ලබාදිය හැකියි.

මේ අතර දුරගමන් සේවා දුම්රිය කිහිපයක් අද යළි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගල්කිස්ස සහ කන්කසන්තුරේ, කොළඹ කොටුව සහ බදුල්ල මෙන්ම මරදාන සහ බෙලිඅත්ත අතර මෙලෙස දුම්රිය කිහිපයක් ධාවනය කරන බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top