එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනපති අභාවප්‍රාප්ත වෙයි
Friday, 13 May 2022 - 17:45 | Views - 419

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද ඔහු මියගොස් ඇති බවයි එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.
Sheikh Khalifa bin Zayed Al Nahyan එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබියේ පාලකයා ලෙස 2004 නොවැම්බර් 3 සිට මෙතෙක් සේවය කරමින් සිටියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඔහුගේ පියා වූ දිවංගත ෂීක් සයීඩ් බින් සුල්තාන් අල් නහියන් ගේ අනුප්‍රාප්තිකයා ලෙසටයි ඔහු 2004 නොවැම්බර් තේරී පත් වුයේ.
1948 දී උපත ලැබූ ෂෙයික් කලීෆා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන ජනාධිපතිවරයා වූ අතර අබුඩාබි එමීර් රාජ්‍යයේ 16 වැනි පාලකයායි.
ඔහු ෂෙයික් සයිඩ්ගේ වැඩිමහල් පුත්‍රයා ද වනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා වූ දා සිට, ෂීක් කලීෆා ෆෙඩරල් රජය සහ අබුඩාබි රජය යන දෙකෙහිම ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමකට ප්‍රධානත්වය ගෙන තිබෙනවා.
ඔහුගේ පාලන සමයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජනතාවට යහපත් ජීවිතයක් සහතික කරන වේගවත් සංවර්ධනයක් අත්කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු, ෂීක් කලීෆා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ සමෘද්ධිය මූලික කර ගනිමින් සමබර සහ තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා ඔහුගේ පළමු උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කරනු ලැබුවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස ඔහුගේ ප්‍රධාන අරමුණු වූයේ ඔහුගේ පියා වූ ෂෙයික් සයීඩ්ගේ මාවතේ රට ඉදිරියට ගෙන යාමයි.
ෂීක් කලීෆා ඉන්ධන හා ගෑස් අංශයේ සංවර්ධනය සහ රටේ ආර්ථික විවිධාංගීකරණයට සාර්ථකව දායක වුණා.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා සංචාරවල නිරත වූ අතර, එම කාලය තුළ නිවාස, අධ්‍යාපනය සහ සමාජ සේවා සම්බන්ධ ව්‍යාපෘති ගණනාවක් ගොඩනැගීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.
Share This Article