දිස්ත්රික්ක කිහිපයකට පනවා තිබූ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරෙයි
Friday, 13 May 2022 - 15:53 | Views - 592
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්රික් කිහිපයකට පනවා ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව කළුතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ මාතර දිස්ත්රික්කවලට මෙම අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක වනු ඇති.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මෙම දිස්ත්රික්වල නායයාමේ අවදානම් ස්ථානවල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.
Share This Article