15 සහ 16 සියලු මත්පැන් අලෙවිසැල් වැසෙයි
Friday, 13 May 2022 - 15:19 | Views - 5,843
වෙසක් උත්සවය හේතුවෙන් ලබන 15 සහ 16 වන දිනවල දිවයින පුරා පිහිටි සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබීමට ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම දිනයන්හි සිය සුරාබදු බලපත්ර ලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ දැනුම් දෙන්නේ.
Share This Article