සම්බුදු තෙමඟුලට ඇති සූදානම
Friday, 13 May 2022 - 14:38 | Views - 518
අමුද්‍රව්‍ය මිල ඉහළ ගියත් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා වෙසක් කූඩු නිර්මාණකරුවන් මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා.

ප්‍රදේශ කිහිපයක වෙසක් තොරණ ද ඉදි කෙරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පෙර පැවති මිලට සාපේක්ෂව වෙසක් කූඩුවල මිල ගණන් මේ වසරේ ඉහළ ගොස් තිබෙනවා.

කොළ අලවා සම්පූර්ණ කළ සාමාන්‍ය ප්‍රමාණයේ අටපට්ටම් කූඩුවක් රුපියල් 350කට පමණ අලෙවි වන අතර, නිර්මාණාත්මක කඩදාසි කූඩුවල මිල රුපියල් 400 සිට ඉහළට සටහන් වන බව ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ වනවිට බොහෝ ප්‍රදේශවල සව් කොළයක මිල රුපියල් විස්ස දක්වා ඉහළ ගොස් ඇති අතර, සාමාන්‍ය බකට් එකක මිල ද රුපියල් විස්සක් ලෙස සටහන් වනවා.

කෙසේ වෙතත් වෙසක් කූඩු ඇණවුම් සාමාන්‍ය පරිදි තමන් වෙත ලැබෙන බවයි පාරම්පරික කූඩු නිර්මාණකරණයේ යෙදෙන නිෂ්පාදකයන් පවසන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top