දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය දෙසට
Friday, 13 May 2022 - 13:53 | Views - 1,078
නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උසද අභිබවා යන අඩි 1,600ක පමණ විශාලත්වයකින් යුත් දැවැන්ත ග්‍රහකයක් ලබන සඳුදා පෘථිවිය ආසන්නයේ ගමන් කරන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා.
සඳුදා අලුයම 2.48 ට පෘථිවිය ආසන්නයට පැමිණෙන මෙම ග්‍රහකය පෘථිවිය මත පතිත වුවහොත් දැවැන්ත විනාශයක් සිදුවිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.
කෙසේ නමුත් නාසා විද්‍යාඥයන් ගණනය කර ඇති පරිදි එය ගමන් කරනු ඇත්තේ පෘථිවියට සැතපුම් මිලියන 2.5ක් ඈතින්. 388,945 ලෙස නම් කර ඇති මෙම ග්‍රහකය 2020 වසරේ මැයි මාසයේදීද පෘථිවියට සැතපුම් මිලියන 1.7ක් පමණ ආසන්නයෙන් ගමන් කළා.
එය 2024 වසරේ පෘථිවියට සැතපුම් මිලියන 6.9ක් ආසන්නයට පැමිණෙන අතර, නැවතත් එලෙස පෘථිවියට ආසන්න වනු ඇත්තේ 2163 වසරේ මැයි මාසයේදීයි.
Share This Article