ඩොලරයේ අගය හිටි හැටියේම පහළට
Friday, 13 May 2022 - 11:38 | Views - 2,386
මෙරට ඩොලරයේ අගය පහත දැමීමට ප්රමුඛ පෙළේ වාණිජ බැංකු ගණනාවක්ම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ දී රුපියල් 380ට ආසන්න මුදලකට විකුණුම් වටිනාකම සටහන් කර තිබූ ඩොලරයේ අද විකුණුම් වටිනාකම සටහන් වූයේ රුපියල් 365ක් ලෙසටයි.
ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂවව අද දිනය තුළ දී ඇමරිකානු ඩොලරය ඩොලරයේ විකුණුම් වටිනාකම රුපියල් 15 කට ආසන්න සංඛ්‍යාවකින් පහළ බැස තිබෙනවා.
මෙලෙස විකුණුම් වටිනාකම් සටහන් කර තිබූ මෙරට පෞද්ගලික බැංකු වූයේ සම්පත් බැංකුව, කොමෂල් බැංකුව, මහජන බැංකුව, ඩී එෆ් සී සී බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුවයි.
එම බැංකු මෙලෙස ඇමරිකානු ඩොලරයට රුපියල් 365ක් ආසන්නයේ විකුණුම් මිලක් ලබාදී තිබුණා.
මේ අතර ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දිනය අවසානයේ විනිමය අනුපාතයන් හි ඇමරිකානු ඩොලරයේ වටිනාකම සටහන් වී තිබුණේ රුපියල් 377.49 ක් ලෙසටයි.
Share This Article