ඩොලරයේ අගය හිටි හැටියේම පහළට
Friday, 13 May 2022 - 11:38 | Views - 2,387
මෙරට ඩොලරයේ අගය පහත දැමීමට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු ගණනාවක්ම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ දී රුපියල් 380ට ආසන්න මුදලකට විකුණුම් වටිනාකම සටහන් කර තිබූ ඩොලරයේ අද විකුණුම් වටිනාකම සටහන් වූයේ රුපියල් 365ක් ලෙසටයි.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂවව අද දිනය තුළ දී ඇමරිකානු ඩොලරය ඩොලරයේ විකුණුම් වටිනාකම රුපියල් 15 කට ආසන්න සංඛ්‍යාවකින් පහළ බැස තිබෙනවා.

මෙලෙස විකුණුම් වටිනාකම් සටහන් කර තිබූ මෙරට පෞද්ගලික බැංකු වූයේ සම්පත් බැංකුව, කොමෂල් බැංකුව, මහජන බැංකුව, ඩී එෆ් සී සී බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුවයි.

එම බැංකු මෙලෙස ඇමරිකානු ඩොලරයට රුපියල් 365ක් ආසන්නයේ විකුණුම් මිලක් ලබාදී තිබුණා.

මේ අතර ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දිනය අවසානයේ විනිමය අනුපාතයන් හි ඇමරිකානු ඩොලරයේ වටිනාකම සටහන් වී තිබුණේ රුපියල් 377.49 ක් ලෙසටයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top