ගෑස් ඉල්ලා මහබාගේ විරෝධතාවක්
Friday, 13 May 2022 - 10:44 | Views - 1,294
ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් නිසා, කොළඹ - මීගමුව ප්රධාන මාර්ගය මහබාගේ ප්රදේශයෙන් අවහිර වී තිබෙනවා.
මෙසේ විරෝධතාව පැවැත්වෙන්නේ, ඇඳිරි නීතිය ද ක්රියාත්මක වන මොහොතක දි යි.
ඉන්ධන සහ ගෑස් ඉල්ලා ජනතාව සිදු කරන විරෝධතා ආරම්භ වී දැන් බොහෝ කාලයක් වනවා.
නමුත් ඊට තවත් විසඳුම් ලැබී නෑ.
මේ අතර ඊයේ (12) නව අග්රාමාත්ය ලෙස තේරී පත් වූ රනිල් වික්රමසිංහ පැවසුවේ, කෙසේ හෝ තුන් වේල අපහසුවකින් තොර ව සපයා ගත හැකි ක්රමයක් නිර්මාණය කරනා බව යි.
Share This Article