ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව නියෝජනය කළ මන්ත්රීවරුන් අතර හමුවක් හෙට (14) දිනයේ දී පැවැත්වීමට නියමිත යි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ උදෑසන 10ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි.
රට තුළ පවතින වත්මන් තත්ත්වය මෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත යි.
පසුගිය 09 වැනි දා රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම්වලින් අනතුරුව ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් අතර සිදු වන පළමු හමුව මෙය වීම ද විශේෂත්වයක්.