අද දුම්රිය ගමන් වාර 102ක්
Friday, 13 May 2022 - 9:02 | Views - 1,568
ඇඳිරි නීතිය අද පෙරවරු හයේ සිට පැය හතක කාලසීමාවකට ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවනය අද පෙරවරුවේ ආරම්භ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව දුම්රිය ගමන් වාර 102ක් ධාවනයට එක් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, දුම්රිය සේවකයන් රාජකාරියට වාර්තා කිරීමත් සමඟ අද පෙරවරුවේ සිට කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය වෙමින් පවතින බවයි.

මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අද පෙරවරු 11 දක්වා ගණුදෙනු සඳහා විවෘතව පවතින බවයි එම බැංකුවලට අදාළ වෙබ් අඩවිවල දැක්වෙන්නේ.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු අද දිනයේ දී සිදු කෙරෙනවා.

කෙසේ නමුත් සීමිත සේවක පිරිසක් යටතේ අදාළ ආයතනවලින් ලබාදෙන සේවාවන් සීමාවිය හැකි බවයි එම ආයතනවල ප්‍රධානීන් සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top