නව අගමැතිට රටවල් කිහිපයකින් සහය
Friday, 13 May 2022 - 8:39 | Views - 16,238

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ වෙත මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් සුබ පැතුම් එක්කර තිබෙනවා.
සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කළේ, නව අග්‍රාමාත්‍යවරයා සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සහ කඩිනමින් නව රජයක් පිහිටුවීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත්, ආර්ථික ස්ථාවරත්වයටත් ඇති පළමු පියවර බවයි ඇය පෙන්වා දෙන්නේ.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අර්ථවත් ප්‍රගතියක් ලබා ගැනීමට සහ සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමට රජය දිරිමත් කරන බවද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, මෙරට දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම බි්රතාන්ය සහ යුරෝපා සංගමය නියෝජනය කරන ප්‍රවීන දේශපාලනඥයෙකු වන ශ්‍රී ලාංකික නිරන්ජන් දේවාආදිත්‍ය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව දැන් මුහුණදී සිටින අවුල් සහගත වාතාවරණයෙන් මිදීමට අවශ්‍ය සම්බන්ධතා සහ පළපුරුද්ද සහිත එකම ශ්‍රී ලාංකික දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ බවයි.
ඔහුට ඒ සම්බන්ධයෙන් විශේෂ සේවයක් කළ හැකි බවත්, අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ දෑත් බැඳ තැබූ බවත් නිරන්ජන් දේවාආදිත්‍ය කියා සිටියා.
එහෙත් දැන් ඔහුගේද පූර්ණ සහාය හිමිවන බවයි නිරන්ජන් දේවාආදිත්‍ය පෙන්වා දෙන්නේ.
Share This Article