ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 108යි ශත අටක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 107යි ශත 30ක් ලෙස සටහන් වුණා.
මේ අතර තෙල් මිල සමනය කිරීම සඳහා ඔපෙක් සංවිධානය විසින් එකඟ වී තිබූ නිෂ්පාදනය ඉහළ නැංවීමේ ඉලක්කය මෙතෙක් ළඟාවී නොමැති බව වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.