ඇඳිරි නීතිය පස්වරු දෙකට යළි පැන වෙයි
Friday, 13 May 2022 - 8:08 | Views - 2,050
මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු හයට ඉවත් කෙරුණා.

පසුව යළි ඇඳිරි නිතීය පස්වරු දෙකට පැනවෙන අතර, නැවත එය හෙට පෙරවරු හය දක්වා බල පැවැත් වෙනු ඇති.

ඒ අනුව බලයලත් නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිඛිත අවසර පත්‍රයක් නොමැතිව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැදී සිටීමට අවසර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මේ අතර, රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් සිද්ධීන් පිළිබඳව තොරතුරු දැනුම්දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය දුරකතන අංක කිහිපයක් ලබා දී තිබෙනවා.

ගෙවල් ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු දැනුම් දෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 076 73 93 977 හෝ 0112 44 11 46 ට හෝ මහජන ආරක්ෂක අමත්‍යාංශයේ 118 දුරකතන අංකයට ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකියි.

එමෙන්ම පසුගිය 9 වනදා අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචන්ඩකාරී සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදුකරනු ලබනවා.

එම සිදුවීමට අදාළව පහරකෑමට ලක්වූ මෙන්ම තුවාල ලැබූ පුද්ගලයන් හා හානිවූ දේපළ සම්බන්ධයෙන් පවතින තොරතුරු මතු කියවෙන දුරකථන අංක වෙත ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එම දුරකථන අංක වන්නේ 0112 422 176, 0112 320 145, 071 859 20 87, 071 859 49 42 සහ 071 859 49 01.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top