නව අගමැති ලෙසට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි (Video)
Thursday, 12 May 2022 - 18:37 | Views - 499
අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ, කොළඹ - කොටුව ජනාධිපති මන්දිරයේදීයි. ඔහු අග්‍රාමාත්‍ය ධූරයේ මෙලෙස දිවුරුම් දුන්නේ 06 වන වතාවටයි.

1993 වසරේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසු එවකට අග්‍රාමාත්‍ය ඩී.බී. විජේතුංග ජනාධිපති තනතුරට පත්වූ අතර, එහිදී ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගත්තා. එතැන් සිට වසර 28 ක්, පුරා පාර්ලිමේන්තුවේ අගමැති තනතුර සහ විපක්ෂ නායක යන ධුරයන් රනිල් වික්‍රමසිංහ හොබවා තිබෙනවා.

එසේම, 1994 වසරේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක ජිවිතක්ෂයට පත්වූ අතර, පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහට හිමි වුණා.

අනතුරුව, 2001 වසරේදී රනිල් වික්‍රමසිංහ දෙවන වරටත් අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ අතර, 2004 වසරේදී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වූ බැවින් එතැන් සිට 2015 වසරේ ජනවාරි 8 වනදා ජනාධිපතිවරණය දක්වාම රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා.

2015 වසරේ දින 100 ආණ්ඩුවේ සිට මහ මැතිවරණයෙන් පසුව සහ 2018 ඔක්තෝම්බර් දේශපාලන පෙරලියෙන් පසුව ද, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය හොබවනු ලැබුවා.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද තමන් ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන බව පවසමින් ජනාධිපතිවරයාට අද ලිපියක් යොමු කළා.

එම ලිපියේ සඳහන් කර තිබුණේ අග්‍රාමාත්‍ය ධූරය ප්‍රමුඛ කරගත් රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස තීන්දු කර ඇති බවයි. නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධූරයෙන් ඉවත්වීම ඇතුළු ජාතිය අමතා ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයද පදනම් කර ගනිමින් මෙම තීරණයට එළැඹි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ අතර, ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද අද මහා සංඝරත්නය සමඟ පැවති හමුවකින් අනතුරුව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමීමට ගෙන ඇති තීරණය සැබෑ ජනමතයට සවන් දීමක් නොවන බවයි.

මේ අතර ඒ සමඟ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25කට ආසන්න සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් අතරින් ප්‍රබලයින් කිහිප දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර පිරි නැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක දිව්රුම් දීමටද නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායමද නව අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමට සූදානම් බවද විවිධ වාර්තා පළ වනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top