හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Thursday, 12 May 2022 - 16:07 | Views - 5,182
හෙට (13) සහ අනිද්දා (14) දිනවල පැය 03 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය ඉවත් කළහොත් විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව පැය 05 ක කාලයක් දක්වා ඉහළ යා හැකි බවයි එම කොමිසම සඳහන් කළේ.
බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත්ව නොමැතිවීම සහ අතිරේක විදුලි ඉල්ලුම සපුරාලීමට නොහැකිවීම ඊට හේතු වී තිබෙනවා.
Share This Article