අද රාත්‍රියේ ඇඳිරිනීතිය - වෙඩි තියන්නත් අවසර
Wednesday, 11 May 2022 - 20:25 | Views - 5,158

අද රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බැවින් එය උල්ලංගණය කිරීමෙන් වළකින ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
රජයේ හෝ පෞද්ගලික දේපළවලට හානිකිරීම කොල්ලකෑම හෝ ජීවිත හානි හෝ බරපතල තුවාල සිදුවන අන්දමේ පහරදීම් වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
ඒ අනුව ත්‍රිවිධ හමුදාවට අමතරව වෙඩි තැබීම ඇතුලු නීත්‍යනුකූල බලය භාවිත කිරීමට සියළුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය මගින් උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ තැනැත්තන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ඒ අනුව ඔවුන් පිළිබදව තොරතුරු දන්නේ නම් ඊට අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පොලීසිය වෙත ලබාදිය හැකියි.
ඒ සඳහා 1997 හෝ 118 යන දුරකථන අංක ඔස්සේද දැනුවත් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියා.
මේ අතර, සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් තොරතුරු හුවමාරු කිරීමේදී සැලකිලිමත් වන ලෙසට ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අන්තර්ජාලය හෝ පරිඝනක භාවිතා කරමින් මහජනතාව කුපිත කරවීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරවීම පරිගණක අපරාධ පනත යටතේ වරදක් වන අතරම වසර 5කට නොවැඩි කාලයක් සදහා සිර දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් බවයි පොලීසිය දැනුම් දෙන්නේ.
එමෙන්ම, සමාජ මාධ්‍ය ජාල භාවිත කරන කණ්ඩායම් 59ක් සහ එහි පරිපාලකවරුන් මේ වන විටත් හදුනාගෙන ඔවුන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ සහ අපරාධ නීතිය යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ රදවා ඇත්තේ ඔහුගේ ආරක්ෂාව සලකා බැලීමෙන් අනතුරුව බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා.
ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, පනවා ඇති ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, ඊට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.
මේ අතර, පසුගිය දා ගාලුමුවදොර සිදුවීමේදී හා රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවලදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වූයේ මන්දැයි කරුණු විමසීම සදහා අනිද්දා දිනයේදී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබෙනවා.
අද දිනයේදී පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටියා.
Share This Article