සිපෙට්කෝ, ඉන්ධන බෙදාහැරීම අත්හිටුවයි
Wednesday, 11 May 2022 - 13:05 | Views - 916
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පවතින ආරක්ෂක තත්ත්වය සහ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
සඳුදා ඇති වූ නොසන්සුන්තාවෙන් පසු හෙට (12) පෙරවරු 07 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වනවා.
තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ හමුදාව යොදවා තිබියදීත් ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩ ක්‍රියා සහ නොසන්සුන්කාරී තත්ත්වයන් විටින් විට වාර්තා වන බව යි සදහන් වන්නේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, ශ්‍රී ලංකාව දැනටමත් ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින අවස්ථාවක යි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් කොළඹ දී සාමකාමී ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නේ, රට තුළ නොසන්සුන්තාවක් ඇති කරමින්.
මෙම සිද්ධිය අවසානයේ මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.
Share This Article