අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
Wednesday, 11 May 2022 - 12:59 | Views - 608
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි යි.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති වනු ඇති.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) පමණ දක්වා වැඩි විය හැකි බව යි සඳහන් වන්නේ.
Share This Article