වහාම ක්රියාත්මක වන පරිදි මුළු දිවයිනට ම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය 12 වනදා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දී ජන ඒකරාශි වීම් සහ ප්රචණ්ඩ ක්රියා සිදු කරමින් පොදු දේපොළවලට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්රියා මාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කළා.