බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අසනි සුළි කුණාටුව මේ වනවිට යාපනයේ සිට කිලෝමීටර 680 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
වයඹ දෙසට ගමන් කර හෙට වනවිට එය සුළි කුණාටුවක් බවට දුර්වල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එහි බලපෑමෙන් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 90 ක් දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත වැසි මෙන්ම මුහුදද රළු විය හැකියි.
ඒ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු එම ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.