දේශබන්දුට පහර දීමක් (Video)
Tuesday, 10 May 2022 - 15:50 | Views - 1,158
බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අරගලකරුවන් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

මෙම පහර දීම සිදු වී ඇත්තේ, කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල දී බව යි පැවසන්නේ.

සිවිල් ඇඳුමින් සැරසී ගංගාරාම විහාරස්ථානය අසලට පැමිණි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ අවස්ථාවේ ඒ අසල සිටි සිවිල් වැසියන් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණි වාහනය හරස් කරන මෙම පිරිස සමඟ කතාබහ කිරීමට වාහනයෙන් බිමට බට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කරන අවස්ථාවේ එම පිරිස ඔහුට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා.

පහර දෙන පිරිසගෙන් බේරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් දිව යන අතර, ඉන් පසුව යි තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තබා ඇති බව යි වාර්තා වන්නේ.

මෙම වෙඩිතැබීමත් සමඟ පහර දීමට පැමිණි පිරිස විසිර ගොස් ඇති අතර, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහා ම එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ඔහු සමඟ සිටි පොලිස් කණ්ඩායම කටයුතු කළා.

ඊයේ පැවති කොළඹ ගාලු මුවදොර පැවති අරගලයට මහින්ද රාජපක්ෂ හිතවාදීන් විසින් සිදු කළ පහර දීම නිසි ආකාරයට පාලනය කිරීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු නො කළ බවට චෝදනා එල්ල වුණා.

මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවකු වන පුත්තලං දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමඟ පිළිසඳරක යෙදෙමින් ගාලුමුවදොර පිටිය දෙසට පැමිණෙන ආකාරයේ ඡායාරූප සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි ලෙස සංසරණය වුණා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top