රාජපක්ෂලා සැඟවී ඉන්නේ ත්‍රි'මලේ නාවික හමුදා කඳවුරේ ද? (Video)
Tuesday, 10 May 2022 - 14:39 | Views - 2,585
ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර ඉදිරිපිට මේ වන විට පිරිසක් උද්ඝෝෂණයක නිරත වනවා.

මෙලෙස නාවික කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයේ නි‍රත වන්නේ, ප්‍රදේශයේ තරුණ පිරිසක් බව යි අප වාර්තාකරු සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් මේ වන විට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වනවා.

නාවික කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වන තරුණයන් පවසන්නෙ, රටේ ධනය සොරා කෑ රාජපක්ෂ පවුලට ආවරණ සැලසීමෙන් නාවික හමුදාවට ඉවත් වන ලෙස යි.

එමෙන්ම මෙම පිරිස නාවික හමුදාව සමඟ කිසිම ගැටුමක් ඇති කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවත් රට අරාජික කළ නායකයන්ට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් තමන් තුළ දැඩි පිළිකුලක් හටගෙන ඇති බවත් මෙම තරුණ පිරිස පවසනවා.

කෙසේ වෙතත් රාජපක්ෂ පවුල ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ඇති බවට මෙතෙක් නාවික හමුදාවෙන් කිසිදු තහවුරු කිරීමක් සිදු කර නෑ.

මේ අතර, ප්‍රභූ හෙලිකොප්ටර් යානාවකට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් ගොඩවන ආකාරයේ වීඩීයෝ දර්ශනයක් මේ වන විට සමාජ මාධ්‍යය ඔස්සේ බහුල ලෙස සංසරණය වෙනවා.

ඇතැමුන් ප්‍රකාශ කරන්නේ, මෙලෙස කොළඹින් ගුවන්ගත වී ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් බව යි.

එම අවස්ථාව සමබ්න්ධීකරණය කරන පුද්ගලයන් ප්‍රභූ ආරක්ෂක අංශ හැඳ සිටින සැහැල්ලු නිල ඇඳුම් ඇඟ ලා සිටින ආකාරය එම වීඩියෝ දර්ශනයෙන් මනාව ප්‍රකට වනවා.

කෙසේ වෙතත් මෙම වීඩියෝ දර්ශනය සහ එහි ගමන් ගන්නා පුද්ගලයන් පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ද කිසිදු තහවුරු කිරීමක් සිදු කර නෑ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top