කථානායක ජනපතිගෙන් ඉල්ලූ විශේෂ ඉල්ලීම
Tuesday, 10 May 2022 - 14:28 | Views - 563
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (10) උදෑසන අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගොස් තිබෙනවා.

ඒ, හිටපු අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් වූ බව ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඒ බව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළේ ඊයේ (09) දිනයේදියි.

මේ අතර, පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කිරීම එහි අරමුණ බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ද පාර්ලිමේන්තුවටයි.

එමෙන්ම, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැදවා තිබෙනවා.

හෙට (11) පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

වත්මන් දේශපාලන අර්බුදය සහ රට තුළ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සංවාදයට ලක් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top