ගාලුමුවදොර නොසන්සුන්තාවෙන් මිය ගිය පුද්ගලයන්
Tuesday, 10 May 2022 - 14:22 | Views - 655
ගාලුමුවදොර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් අතර පොලිස් නිලධාරියෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පුද්ගලයින් 218 දෙනෙකු එම අවස්ථාවේ දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.

පොලිස් නිලධාරියාට අමතර ව තවත් වයෝවෘද්ධ පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඒ අනුව ගාලුමුවදොර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ නො සන්සුන්කාරීතත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ යනවා. 

up date.......

ගාලුමුවදොර අරගල භූමියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයින් 219 දෙනාගෙන් 5 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඉන් කිහිප දෙනෙකුට ශල්‍යකර්ම ද සිදු කළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු සහ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ගාලුමුවදොර අරගල භූමියේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇති වූ විවිධ ගැටුම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කොළඹ ජාතික රෝහල ඇතුළු අනෙකුත් රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 230 ඉක්මවා තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top