වෙල්ගමගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් අතට
Tuesday, 10 May 2022 - 9:09 | Views - 1,738
ඊයේ කොට්ටාව අධිවේගී මාර්ග ප්රවිෂ්ටය ආසන්නයේ දී පහරකෑමට ලක්වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා වනවා.
කොට්ටාව අධිවේගී මාර්ග ප්රවිෂ්ටය ආසන්නයේ රැඳී සිටි පිරිසක් විසින් මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය නවතා ඔහුට පහර දී ජීප් රථයට ගිනි තබා විනාශ කර දමා තිබෙනවා.
මෙම පහරදීමේ දී අමාත්‍යවරයාගේ හිසට සහ වම් අතට තරමක හානි සිදුවී ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට සිදු කළ මෙම පහරදීමෙන් ඔහු මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ ලෙස තොරතුරු සංසරණය වුණා.
Share This Article