ගැසට්ටුව එළියට - අගමැති ගෙදර යයි (Video)
Tuesday, 10 May 2022 - 9:03 | Views - 4,712

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ අත්සනින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 - 2 - ආ වගන්තිය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැයි 9 වන දා සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සදහන් කළේ යෝජිත අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා සිය පූර්ණ එකඟතාව පළ කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.ඊයේ (09) ගාලුමුවදොර සාමකාමී පුරවැසි අරගලයට පොදුජන පෙරමුණු පාක්ෂිකයන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කළේ, මහින්ද ඕනේ යැ යි පවසමින්.නමුත් වහා නැගී සිටි පුරවැසියන් අශිෂ්ට ප්‍රහාරයට පිළිතුරු ලෙස එකී අශිෂ්ටයන්ට මතක සිටින ප්‍රතිප්‍රහාරයන් එල්ල කළා.කෙසේ වෙතත් උද්ගත වූ තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.මේ අතර, මහින්ද රාජපක්ෂ අද අලුයම අරලියගහ මන්දිරයෙන් ද පිටත් ව ගිය බව යි වාර්තා වන්නේ.මේ අතර, ඊයේ (19) ගාලුමුවදොර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව 218 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වනවා.දෙදෙනෙකු මිය ගිය බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එම ගැසට් පත්‍රය මෙතැනින්

Share This Article