සියලුම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක
Monday, 09 May 2022 - 17:09 | Views - 721
සියලුම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.
ඒ අද (09) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව මෙම වැඩ වර්ජනයට සියලුම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලුම පාර්ශ්වයන් එක්වන බවයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ.
මෙම වෘත්තීය වැඩ වර්ජනය සමග අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටිනු ඇති.
සෞඛ්‍ය කටයුතු, වරාය ආදී සියල්ලම මේ මොහොතේ සිට එම වැඩ වර්ජනයට අත දෙන බව ද වාර්තා වනවා.
එමෙන්ම හෙට (10) පෙරවරු 08 වන තෙක් වෛද්‍යවරුන් ද සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වන බවයි නිවේදනය කර ඇත්තේ.
Share This Article