අගමැති බලන්න ආ පිරිස බේරේ වැවට පනී (Video)
Monday, 09 May 2022 - 15:34 | Views - 2,043
අද (09) ගාලුමුවදොර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය තවමත් මැකී ගොස් නෑ.
මුළු දිවයිනට ම ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක දී ත් එම අරගලකාරී උණුසුම තව තවත් වැඩි වෙන බවකු යි පෙනෙන්නට ඇත්තේ.
මේ වන විට සමස්ත රට තුළ ම ඇත්තේ, දැඩි උණුසුම්කාරී තත්ත්වයක්.
මේ අතර, මහින්ද ඕනේ යැ යි පවසමින් ගාලුමුවදොරට ආ පොහොට්ටු පාක්ෂකයන් පිරිසක් යැ යි හඳුනාගත හැකි පිරිසක්, ගාලුමුවදොර අරගලකරුවන් දැක බේරේ වැවට පැන ඇති බව වාර්තා වනවා.
ඔවුන් බේරේ වැවට පැන ගාලුමුවදොර අරගලකරුවන් හමුවේ දැඩි බයාදු ගතියකින් හැසිරීමත් විශේෂත්වයක්.
Share This Article