පහර දීම හෙළා දකිනවා - ජනපති
Monday, 09 May 2022 - 15:00 | Views - 318
මේ වන විට කොළඹ ගාලු මුවදොර ප්‍රදේශය සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වයන් සහමුලින්ම හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඔහු එම පණිවිඩයෙන් වැඩිදුරටත් පවසන්නේ, රටේ පවතින අර්බුද සමනය කර ගැනීමට ගැටුම් කිසිසේත් උපකාරී නොවන බව යි.

දේශපාලන පක්ෂපාතිත්වය නොසලකා ගැටුම්වලට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසත් එම ගැටුම් වහා ම පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු එම පණිවිඩය හරහා ආරක්ෂක අංශ වෙත දැනුම්දුන් බව පවසනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, මේ අවස්ථාවේ දී සියලු රටවැසියන් සාමකාමී ව හැසිරෙන ලෙසට යි. 

එසේම අගමැතිවරයා විසින් මේ වනවිට ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් තබා තිබෙනවා.

අද උදෑසන අරලියගහ මන්දිරයට පැමිණ ඉතා ම සාමකාමී ලෙස විසිර ගිය ජනතාව අතරට එකතු වූ කිසියම් පිරිසක් විසින් ඉතා ම සංවිධානාත්මක ලෙස ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය, විරුද්ධ මතයට ගරු කිරීම, සංවාදය මිස ප්‍රචණ්ඩත්වය මගේ ප්‍රතිපත්තිය නොවේ.
පසුගිය සමයේ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විපක්ෂ කණ්ඩායම් උපරිමයෙන් භුක්ති විඳිනු දැකගත හැකිවිය. එහෙයින් මෙම අවස්ථාවේ කිසිදු ගැටුමකට සම්බන්ධ නොවන ලෙසත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසිය⁣ට සහයෝගය ලබා දෙමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් මහ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

May be an image of 1 person and text that says 'Gotabaya Rajapaksa @GotabayaR Strongly condemn the violent acts taking place by those inciting & participating.,irrespectiv irrespective of political allegiances. Violence won't solve the current problems. request all citizens to remain calm & exercise restraint. urge everyone to work together in solving this crisis 09/05/2022 Twitter for iPhone'
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top