බස්නාහිර පළාතට ම ඇඳිරි නීතිය
Monday, 09 May 2022 - 14:15 | Views - 500
අද දවසේ ගාලුමුවදොර පිටිය අසල ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සමස්ත බස්නාහිර පළාත ම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක් පැමිණ, මහින්ද ව රකිමු යන සටන් පාඨය ඔස්සේ මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
ඔවුන් ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලයක නිරත වූ අරගලකරුවන්ට පහර දෙන්නට ද පසුබට වුණේ නෑ.
Share This Article